Wednesday, February 5, 2014

නිදහස් දිනයේ පිදිය යුත්තන් පුදන අයුරු

නිදහස වෙනුවෙන් දිවි පරදුවට තියා සතුරා සමග සටන් කලේ නුබයි
නිදහස වෙනුවෙන් කුසගින්න ඉවසුවේ නුබයි 
නිදහස වෙනුවෙන් දිවි පිදුව පුතා, සැමියා, සහෝදරයා, පියා නුබෙයි 
එහෙව් නුබලට අයිති මේ නිදහස් දවසේ 
කට්ට අව්වේ වෙලෙන්නේ නුබයි........ 

හයි-ෆයි වාහන වල A/C වල ඇවිත් 
A/C කරපු කුඩාරම් ඇතුලට වෙලා 
කුල් එකේ චුයින්ගම් හප හපා
නිදහස ඉස්සරහට දාගෙන 
තම තමන්ගේ පම්පෝරි කියව කියව 
ජන්දය හිගාකන වුන්ට උපහාර දක්වන්නේ නුබලයි...... 

ලෝක පුදුම අරුමය වන්නේ 
තිස් වසරක් පුරාවට අපේ එවුන්ගේ ජිවිත උදුරාගන්නට අණ දුන්න එවුන්ටත් උපහාර දක්වන්නේ නුබලයි..... 

නිදහස් දිනයේ පිදිය යුත්තන් පුදන අයුරු දැක තරහක් අවේ සිතට 
නොදැනීම නුබ ගැන දුකින් කදුළු බිදක් නෙතින් වැටෙන ගමන්.......  


7 comments:

  1. හැමදාම දු විදපු මිනිහා ඉස්සරහටත් දුක් විදිනවා බං.. ඒක ඉතින් වෙනස් වෙද්දී බැරියැ..

    ReplyDelete
    Replies
    1. දුක දුක දුක දුක ...........///

      Delete
  2. දුකයි. කනගාටුයි බං.

    ReplyDelete
    Replies
    1. කවදා මේවා වෙනස් වෙයිද මන්ද බං.

      Delete
  3. Replies
    1. නිදහස...... හ්හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්............ :'(

      Delete

Tricks and Tips