Friday, December 20, 2013

ලංකා පොකුණට පෙර

සුමින්ද K. ගුණරත්නගේ අලුත්ම කවි පොත ලංකා පොකුණ කියවන්නට  පෙර, 


                                      මම පැනගතිමි කවි කොටුව
                                කියවමින් නුබේ චක්කරනං කොටුව
                                 ගිමන්හලමින් සිටිනවිට ඇහැළි ලග
                                      දුටුවෙමි නා රජ සහ වේ රජ
                                     යන අයුරු ලංකා පොකුණට

Saturday, December 14, 2013

ජීවිතය ජිවත් කරවීම සදහා දුවනවා.....

ජීවිතය ජීවත්වෙනවා. නැ අපි අපේ ජිවිත ජිවත් කරවනවා. ඔයා, මම, මේ මුළු ලෝකෙම තමන්ගේ ජිවිතේ ජිවත් කරවන්න මහන්සි වෙනවා. අපි අපේ අම්මගේ කුසින් එළියට ආපු මුල් දවස්වල, ඒ කියන්නේ අපිට හය හතර නොතේරෙන කලේ අපිව ජිවත් කරවන්න මහන්සි වුනේ අපේ අම්මයි තාත්තයි. ඊටපස්සේ ටික ටික අපි ලොකු වෙලා හය හතර තේරෙන කාලෙට ආපුවම අපිත් මහන්සි වුණා අපේ ජිවිත ජිවත් කරවන්න. එහෙම වුණා කියලා අපේ අම්මා තාත්තා අපිව ජිවත් කරවන එක අතහැරියේනැ. එයාල එයාලගේ ජිවිතේ ජිවත් කරන එක අමතක කරලා අපේ ජිවිත ලස්සනට ජිවත් කරවන්න මහන්සිවුණා. එහෙම මහන්සිවුණු අපේ අම්මටයි තාත්තටයි ඒ මහන්සියට ණය ගෙවන්න මේ මුළු ජීවිතය පුරාවටම බැරි වේවි. ඒකයි මතු උපදින හැම ආත්මයකම මගේ අම්මා තාත්තා මගේම වෙලා ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ. 

Run for your life
ඔහොම යනකොට එක දවසක් එනවා අපේ ජිවිත අපිම තනියම ජිවත් කරවන්න පටන් ගන්න දවසක්. ඒ දවසේ ඉදලා අපි මහන්සි වෙනවා ජිවිතේ ජිවත් කරවන්න. ඒත් ඒ එක්කම අපිට අමතක වෙනවා, අපි මේ මෙච්චර මහන්සිවෙලා ජිවත් කරවන ජිවිතේ. අපිට පුරුදුවුණු / පුරුදුකරපු ඒකාකාරී රටාවක් තුල අපි දුවනවා. කොච්චර බාධක, කම්කටුලු ආවත්, අපි නොනැවතී මේ අපේ පොදු අරමුණ වෙනුවෙන් දුවනවා. ඒ කියන්නේ ජිවිතේ ජිවත් කරවීමේ අරමුණ. ඒත් අපේ අරමුණ සමාන වුනාට අපි මේ අරමුණ වෙනුවෙන් දුවන විදිය / ස්ටයිල් එක වෙනස්. ඔයාට, මට, මේ ලෝකේ අනිත් අයට මේ හැමෝටම තමන්ට පුරුදුවුණු / පුරුදුකරපු තමන්ගේ ජිවිතේ ජිවත් කරවන්න දුවන දිවිල්ල දුවනවා.   

ඔහොම එක රාමුවක් ඇතුලේ හැමදාම මැරෙනකම්ම දුවන දිවිල්ල දුවන ගමන් ජිවිතේ කියන්නේ මොකක්ද ජීවිතේට අලුත් තේරුමක් දෙන්න, හැඩය වෙනස් කරන්න, කොටින්ම කිව්වොත් ජීවිතය කියවන්න ජිවිතයේ තියෙන දේවල්, නැති දේවල්, එකී, මේකි, නොකී හැමදේ ගැනම කතාකරන්න හිතෙන දේ කියන්න පටන් ගත්තු බ්ලෝග් එකක් මේක. 

ඉතින් මාත් තාම මේ බ්ලෝග් ලෝකේ හය හතර නොතේරෙන පොඩි එකෙක්. ඔයාලගේ විශේෂයෙන් ඔයාගේ සහයෝගය නැතුව මේ ගමන යන්න බැ. ඔයාලගේ උදවුපකාර ඕනි. 

දැන් ඉදන් අපි අපේ ජිවිතේ හොයාගෙන හිතුවක්කාර ගමනක් යමු.......!!!!!!!

Tricks and Tips