Showing posts with label කවි. Show all posts
Showing posts with label කවි. Show all posts

Saturday, May 28, 2016

කමටහන්

රහත් නැ තවම
සිටියත් සිවූරු දරා
කෙලෙස් ඇත තවම
ගිහි ගෙයින් එනකොට ගෙනා

හිතුමතේ යන්නට නොදි
තියාගත්තත් එක්තැන් කර
හිතේ කොනකම ඉදලා ආලය

කමටහන් නැ තවත් අලුතින්
හීල් දානය බෙදු ඔබත් ඔබේ පුතුත්
කමටහන් වෙවා නිවන් මග....








Wednesday, March 18, 2015

ඇත්තටම උඹ යනවද බන්........

ඇත්තටම උඹ යනවද බන් 
කොහෙ යන්නද බන් උඹ
බැරි වැඩ නොකර නිකන් ඉදපන් 
උඹට යන්න බෑ කවදාවත් මගේ හිතෙන්....

උඹ නැතුව පිට්ටනිය පාළුවෙන නිසා 
අහස ඇඩුව දුක දරාගන්න බැරුව 
ඒ වුනාට මං අඩන්නේ නෑ බන් 
මගේ හිතට පාළු නැති නිසා 

උඹ ගහපු ගැහිලි මේ හිතේ තියනවා හැමදාම පිරෙන්න.......







Thursday, May 15, 2014

ලා(හිරු) ස්ටාර් තේරීම

සර්පිනා තාලම්පට බෙර හඩ ඇහෙන්නට නැ වෙනදා වගේ
මුස්පේන්තු මුඩු ගදක් අවා ළගින් යනකොටම
නිකමට වගේ ඔලුව එබුවා දේවාලයට
මකුළුවෝ දැල් බදිනවා ඔන්චිලි පදිනවා ගජරාමෙට
සරස්වතිත් නැ ගණ දෙවිදුත් නැ පේන්නට.....
ඉස්කෝලේ පොඩි එකෙක්ගෙන් ඇහුවහම කිවුවේ
කට්ටිය ගිහිල්ලලු සිගීන් ස්ටාර් දෙවැනි වටේට
පළවෙනි වටෙන් දිනලා සනුක වික්‍රමසිංහ
ලාහිරු අතින් සම්මාන ගත්තලු......



සනුක වික්‍රමසිංහ 
ලහිරු පෙරේරා






Sunday, February 23, 2014

උයන්පල්ලා (පිය සෙනෙහස)

සුවඳ මල් වල පාට තැවරිලා 
වණ බබරුන් රොණට ඇදෙනවා
උයන්පල්ලෝ නුබ නික-ඉදපන් 
අයිතිය නැ නුබට ඒ සුවදැති පාට මල් වල........ 

අහසේ පොලවේ ගෝරනාඩු දැනෙන්න නැ දුන්නේ 
නුවර වැවේ, කලා වැවේ දිය දෝතක් නුබ ලග තනි රැක්කේ 
එහෙව් නුබට අයිතිය නැ ඒ සුවදැති පාට මල් වල........ 

සුළං කොඩ චණ්ඩමාරුතේ ඇවිත් පෙති විසිකර යන්න ගිය වෙලේ 
හිතේ තියන දරු සෙනේහස මහ පවුරක් වෙලා තමයි නුබ රැක ගත්තේ 
එහෙව් නුබට අයිතිය නැ ඒ සුවදැති පාට මල් වල........


         









Wednesday, February 5, 2014

නිදහස් දිනයේ පිදිය යුත්තන් පුදන අයුරු

නිදහස වෙනුවෙන් දිවි පරදුවට තියා සතුරා සමග සටන් කලේ නුබයි
නිදහස වෙනුවෙන් කුසගින්න ඉවසුවේ නුබයි 
නිදහස වෙනුවෙන් දිවි පිදුව පුතා, සැමියා, සහෝදරයා, පියා නුබෙයි 
එහෙව් නුබලට අයිති මේ නිදහස් දවසේ 
කට්ට අව්වේ වෙලෙන්නේ නුබයි........ 

හයි-ෆයි වාහන වල A/C වල ඇවිත් 
A/C කරපු කුඩාරම් ඇතුලට වෙලා 
කුල් එකේ චුයින්ගම් හප හපා
නිදහස ඉස්සරහට දාගෙන 
තම තමන්ගේ පම්පෝරි කියව කියව 
ජන්දය හිගාකන වුන්ට උපහාර දක්වන්නේ නුබලයි...... 

ලෝක පුදුම අරුමය වන්නේ 
තිස් වසරක් පුරාවට අපේ එවුන්ගේ ජිවිත උදුරාගන්නට අණ දුන්න එවුන්ටත් උපහාර දක්වන්නේ නුබලයි..... 

නිදහස් දිනයේ පිදිය යුත්තන් පුදන අයුරු දැක තරහක් අවේ සිතට 
නොදැනීම නුබ ගැන දුකින් කදුළු බිදක් නෙතින් වැටෙන ගමන්.......  


Tuesday, January 28, 2014

අඩ නිරුවත ( එදා සහ අද )

එදා 
ගැහැණියකගේ අඩ නිරුවත පෙන්වලා 
මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් සදහා වුවමනාවන් අලෙවි කරන ලදී 

අද
ගැහැණියකගේ අඩ නිරුවත පෙන්වලා 
මිනිසුන්ගේ අවශ්‍යතාවයන් මිනිසුන්ට අමතක කරන ලදී 




Saturday, January 4, 2014

කන්නංගර මහත්තයා පැන්ෂන් යනවලු

ලොකු කොල්ලෝ මේ අහපන් 
උබ මේ පාර තියන සිදාදියේ ඉස්කෝලෙට යන විභාගය පාස්වෙලා 
අපේ සනුහරේ ගොඩදාපන් 
මොකද ,
පොඩි කොල්ලට ලොකු ඉස්කෝලෙට යන්න වෙන්නේ නැ 
කන්නංගර මහත්තයා තව අවරුදු දෙකකින් පැන්ෂන් යවනවා කියලා 
ලොකු ඉස්කෝලේ මහත්තයාගේ ලොක්කා කිව්වලු 


Dr. C.W.W. කන්නංගර

Friday, December 20, 2013

ලංකා පොකුණට පෙර

සුමින්ද K. ගුණරත්නගේ අලුත්ම කවි පොත ලංකා පොකුණ කියවන්නට  පෙර, 


                                      මම පැනගතිමි කවි කොටුව
                                කියවමින් නුබේ චක්කරනං කොටුව
                                 ගිමන්හලමින් සිටිනවිට ඇහැළි ලග
                                      දුටුවෙමි නා රජ සහ වේ රජ
                                     යන අයුරු ලංකා පොකුණට

Tricks and Tips