Thursday, January 9, 2014

කොලපතේ ඇදගෙන යෑම

දවසක් මම රාජගිරිය පහුකරගෙන බොරැල්ල පැත්තට යනකොට, අවුරුදු දහයක (10) විතර කොලුපැටියෙක් එයාගේ අම්මගෙන් අහනවා 
"අම්මේ අම්මේ මේ මොකද්ද කියලා"  
මටත් ඉතින් නිකන් ඉන්න බැරිකමට පොඩ්ඩක් ඔලුව උස්සලා බැලුවා, මේ කොලුපැටියා මාර කුතුහලයකින් ප්‍රශ්න කරන දේ දිහා.

ඒ දේ දැකපුවාහම මටත් නොදනිම මගේ හිත මාව අවුරුදු කිහිපයක් ආපස්සට අරන් ගියා.

ඉස්සර පුවක් ගහකින් පුවක් අත්තක් වැටුනහම එක සුද්දකරලා. අහලපහල ගෙවල්වල කොල්ලෝ කුරුට්ටෝ එක්ක තරගෙට කොලපත් අදිනවා අපි උදේ ඉදන් රැ වෙනකම්. 

"මාත් ආසයි අම්මේ කොලපතේ ඇදගෙන යන්න" 
කියලා අර කොලුපැටිය කියනවා ඇහෙනකොටයි මම අයිත් වර්තමානයට අවේ 
එතකොටම කොලුපැටියගේ අම්මා කියනවා 
"කොහේ තියන කොලපත්ද මෙන්න මෙහෙ එනවා පන්තියට යන්න පරක්කුවෙනවා කියලා"

දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති මොකද්ද මේ කොලපත් කතාව, මොනවද මං මේ ලියල තියෙන්නේ කියලා. ඇත්තටම ඒ ළමයා බලාගෙන හිටියේ පාර මැද (වටරවුමක්) හදලා තියන මුර්තියක්‌ දිහා. එකේ තිබුනේ ළමයෙක් තවත් ළමයෙක් කොලපතක දාගෙන ඇදගෙන යන එකක්. 


කොලපතේ ඇදගෙන යෑම

අන්තිමට මට හිතෙන්නේ, 
අද කලේ ළමයින්ට සෙල්ලම් කරන්න තියා දකින්නවත් කොලපතක් නැ, ඒ වගේම කොලපත් තිබුනත් සෙල්ලම් කරන්න ළමයට වෙලාවක් නැ.
එහෙම එකේ මෙහෙම සෙල්ලමක් තියනවා කියලා හරි දැනගන්න මුර්තියක්‌ හදලා තියන එක හොදයි. අනිත් ඒවටත් දැන් දැන්ම මුර්ති හදන්න පටන් ගත්තොත් හොදයි වගේ.



3 comments:

  1. විකුම් වටිනා ෆොටෝ එකක් මට මගෙ ලමා කාලය මතක්වුනා.අපිට තිබුන සෙල්ලම් බඩු මේව තමයි කියල පුතාටත් පෙන්නුව.කොල්ල කියනව පරිසරයට හිතකාමී ඒවලු.

    ReplyDelete
  2. වාසනාවට වගේ මට නම් කොලපතේ වාඩි වෙලා යන්න වාසනාව තිබුනා.. ඒ ගාල්ලේ ඉද්දී.. ඊට පස්සේ කොළඹ ආවම නම් ඒකට අවස්ථාවක් ආවද කියලා හරි කල්පනාවක් නෑ..

    ( කමෙන්ට් මොඩරේශන් අයින් කරමු නේ..)

    ReplyDelete
    Replies
    1. ගමේ තියන සුන්දරත්වය නගරේ නැ

      (කමෙන්ට් මොඩරේශන් අයින් කරලා මචෝ තියෙන්නේ)

      Delete

Tricks and Tips