Showing posts with label දේශපාලනික. Show all posts
Showing posts with label දේශපාලනික. Show all posts

Tuesday, September 16, 2014

ඉඩෝරයේ වැහිලිහිනියෝ

 Ø මං කැමති කලු පාට අහසකට... මොකද දන්නවද? වැස්සොත් තමයි හේනක් කොටන්න පුළුවන් වෙන්නේ.

 Ø බලාගෙන, හේන් කොටලා... කරල පැහුනහම ඒව රකින්නත් වෙනවා හරිද..

 Ø ඌබ බය නැතුව ඉදපන්... මට පුළුවන් රකින්න.

 Ø හිතන තරම් ඒක ලේසි නැ හරිද? රැට නිදිමරාගෙන, මදුරුවෝ තලාගෙන එහෙම තමයි කරන්න වෙන්නේ.

 Ø අනේ මේ, ඔය ඕනි තරම් ගැනු තනියම හේන් කොටලා... ඒව යස අගේට රකින්නේ.. අනික මේ, ගෙන්දගම් පොලවේ උපන්දා ඉදන් හැප්පෙන අපේ මේ ලේ වලට ඕව අමුතු වැඩ නෙමෙයිනේ...

 Ø ඒක ඇත්ත..... ඒත් ඉතින්, මේ ඉඩොරේ කොහෙන්ද වැස්සක්

 Ø වෙනද අපි මෙහෙම ඉන්නකොට, පියබගෙන යනවා වැහිලිහිනියෝ රංචුව වගේ රංචුවක් හදන්න හීන මැව්වා මතකද?

 Ø වැහිලිහිනියෝ එනකම් අපි වැවේ වලක් හරමුද?

 Ø එකනම් හොදයි තමයි... ඉතින් කොහෙද ඔය දුවන්නේ...

 Ø උදැල්ලක් අරන් එන්න යන්නේ.

 Ø මැම්බර් මහත්යන්ගේ උදලු අපිට ඕනි නැ... මේ තියන පරණ ඒක හොදයි දෙයියෝ

 Ø ම්ම්ම්ම් එකත් හොදයි තමයි.... නැත්නම් ඒ වතුර ටිකටත් අරගෙන යයි, අර උන්දලාගේ සුවීමින් පුල් පුරවන්න.


 Ø ගනින් මෙන්න මෙහෙට ඕක...  

Saturday, April 12, 2014

අල්ලපු ගෙදරට පෙන්න අවුරුදු කෑම (2014)

පිල්ලේ නෝනට නොතේරෙන කුණුහරප වලින් බැන බැන
ජිනීවා ජන්දේ වෙනුවෙන් මෙහෙ චන්ද එකතු කරපු
අපේ අහිංසක දේශපාලුවන්ට තවත් අවුරුදු 5 ක් 6 ක්
හොදට රට අනුභව කරලා බඩගෙඩිය තවත් ලොකු කරගන්න
කතිරවරණයේදී කතිරේ ගහපු අපේ දේශප්‍රේමී ජනතාව
මගුල් මුද්ද උගස්තියල, කාටහරි ණයවෙලා
අල්ලපු ගෙදරට පෙන්න ලස්සනට අවුරුදු කන විදිය
බලන්න ඒවිද අපේ කතිරෙන් හොදට අවුරුදු කන දේශපාලුව.......... 








Wednesday, February 5, 2014

නිදහස් දිනයේ පිදිය යුත්තන් පුදන අයුරු

නිදහස වෙනුවෙන් දිවි පරදුවට තියා සතුරා සමග සටන් කලේ නුබයි
නිදහස වෙනුවෙන් කුසගින්න ඉවසුවේ නුබයි 
නිදහස වෙනුවෙන් දිවි පිදුව පුතා, සැමියා, සහෝදරයා, පියා නුබෙයි 
එහෙව් නුබලට අයිති මේ නිදහස් දවසේ 
කට්ට අව්වේ වෙලෙන්නේ නුබයි........ 

හයි-ෆයි වාහන වල A/C වල ඇවිත් 
A/C කරපු කුඩාරම් ඇතුලට වෙලා 
කුල් එකේ චුයින්ගම් හප හපා
නිදහස ඉස්සරහට දාගෙන 
තම තමන්ගේ පම්පෝරි කියව කියව 
ජන්දය හිගාකන වුන්ට උපහාර දක්වන්නේ නුබලයි...... 

ලෝක පුදුම අරුමය වන්නේ 
තිස් වසරක් පුරාවට අපේ එවුන්ගේ ජිවිත උදුරාගන්නට අණ දුන්න එවුන්ටත් උපහාර දක්වන්නේ නුබලයි..... 

නිදහස් දිනයේ පිදිය යුත්තන් පුදන අයුරු දැක තරහක් අවේ සිතට 
නොදැනීම නුබ ගැන දුකින් කදුළු බිදක් නෙතින් වැටෙන ගමන්.......  


Tuesday, January 28, 2014

අඩ නිරුවත ( එදා සහ අද )

එදා 
ගැහැණියකගේ අඩ නිරුවත පෙන්වලා 
මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් සදහා වුවමනාවන් අලෙවි කරන ලදී 

අද
ගැහැණියකගේ අඩ නිරුවත පෙන්වලා 
මිනිසුන්ගේ අවශ්‍යතාවයන් මිනිසුන්ට අමතක කරන ලදී 




Saturday, January 4, 2014

කන්නංගර මහත්තයා පැන්ෂන් යනවලු

ලොකු කොල්ලෝ මේ අහපන් 
උබ මේ පාර තියන සිදාදියේ ඉස්කෝලෙට යන විභාගය පාස්වෙලා 
අපේ සනුහරේ ගොඩදාපන් 
මොකද ,
පොඩි කොල්ලට ලොකු ඉස්කෝලෙට යන්න වෙන්නේ නැ 
කන්නංගර මහත්තයා තව අවරුදු දෙකකින් පැන්ෂන් යවනවා කියලා 
ලොකු ඉස්කෝලේ මහත්තයාගේ ලොක්කා කිව්වලු 


Dr. C.W.W. කන්නංගර
Tricks and Tips