Saturday, January 4, 2014

කන්නංගර මහත්තයා පැන්ෂන් යනවලු

ලොකු කොල්ලෝ මේ අහපන් 
උබ මේ පාර තියන සිදාදියේ ඉස්කෝලෙට යන විභාගය පාස්වෙලා 
අපේ සනුහරේ ගොඩදාපන් 
මොකද ,
පොඩි කොල්ලට ලොකු ඉස්කෝලෙට යන්න වෙන්නේ නැ 
කන්නංගර මහත්තයා තව අවරුදු දෙකකින් පැන්ෂන් යවනවා කියලා 
ලොකු ඉස්කෝලේ මහත්තයාගේ ලොක්කා කිව්වලු 


Dr. C.W.W. කන්නංගර

Thursday, January 2, 2014

2013 ඔයා ගොඩක් වෙනස් වෙලා 2014

මං දැනගෙන හිටියා ඔයා අයිත් මාව හොයාගෙන ඒවි කියලා 
හිතුවා වගේම ඔයා මං ලගට අවේ ගොඩක් වෙනස් වෙලා 
ඔයා වෙනස්වෙන්න කලින් මං ඔයා එක්ක කරපු කියපු දේවල් 
මට අද වගේ මතකයි



සුබ අලුත් අව්රුද්දක් වේවා...!!!!!!!

ඔයා වෙනස්වෙලා අලුත් විදියකට මං ලගට ආවත් 
තාමත් මං අර ඉස්සර හිටිය පිස්සු පිස්සම තමයි 
තප්පරෙන් තප්පරේ, විනාඩියෙන් විනාඩිය, පැයෙන් පැය, දවසින් දවස, සතියෙන් සතිය, මාසෙන් මාසේ
ඔයා ටික ටික වෙනස් වුණේ 
මාත් ගොඩක් උත්සහකලා 
ඔයා එක්කම වෙනස් වෙලා අලුත් කෙනෙක් වෙන්න 
ඒත් මට තාම එහෙම වෙනස්වෙන්න බැරිවුණා 

දැන් ඉතින් ඒවා ගැන දුක්වෙලා වැඩක් නැ 
මගේ අතින් වුණු වැරදි අඩුපාඩු හදාගෙන 
වෙනස්වුණු ඔයා එක්ක අලුත් විදියකට හිනාවෙලා ජිවත් වෙනවා ඇරෙන්න 

වෙනස්වෙන්න කලින් හිටිය ඔයාට මං කතා කලේ 2013 කියලා
දැන් ඉතින් ඔයා වෙනස්වෙලා නිසා මං ඔයාට 2014 කියලා කතා කරන්නම් 
තරහ නැනේ ඔයා 

එහෙමනම් අපි අයිත් වෙනස්නොවී 
මාස 12,
සති 52,
දවස් 365,
පැය 8760,
විනාඩි 525600,
තප්පර 31536000 ක්................................
Tricks and Tips