Tuesday, September 16, 2014

ඉඩෝරයේ වැහිලිහිනියෝ

 Ø මං කැමති කලු පාට අහසකට... මොකද දන්නවද? වැස්සොත් තමයි හේනක් කොටන්න පුළුවන් වෙන්නේ.

 Ø බලාගෙන, හේන් කොටලා... කරල පැහුනහම ඒව රකින්නත් වෙනවා හරිද..

 Ø ඌබ බය නැතුව ඉදපන්... මට පුළුවන් රකින්න.

 Ø හිතන තරම් ඒක ලේසි නැ හරිද? රැට නිදිමරාගෙන, මදුරුවෝ තලාගෙන එහෙම තමයි කරන්න වෙන්නේ.

 Ø අනේ මේ, ඔය ඕනි තරම් ගැනු තනියම හේන් කොටලා... ඒව යස අගේට රකින්නේ.. අනික මේ, ගෙන්දගම් පොලවේ උපන්දා ඉදන් හැප්පෙන අපේ මේ ලේ වලට ඕව අමුතු වැඩ නෙමෙයිනේ...

 Ø ඒක ඇත්ත..... ඒත් ඉතින්, මේ ඉඩොරේ කොහෙන්ද වැස්සක්

 Ø වෙනද අපි මෙහෙම ඉන්නකොට, පියබගෙන යනවා වැහිලිහිනියෝ රංචුව වගේ රංචුවක් හදන්න හීන මැව්වා මතකද?

 Ø වැහිලිහිනියෝ එනකම් අපි වැවේ වලක් හරමුද?

 Ø එකනම් හොදයි තමයි... ඉතින් කොහෙද ඔය දුවන්නේ...

 Ø උදැල්ලක් අරන් එන්න යන්නේ.

 Ø මැම්බර් මහත්යන්ගේ උදලු අපිට ඕනි නැ... මේ තියන පරණ ඒක හොදයි දෙයියෝ

 Ø ම්ම්ම්ම් එකත් හොදයි තමයි.... නැත්නම් ඒ වතුර ටිකටත් අරගෙන යයි, අර උන්දලාගේ සුවීමින් පුල් පුරවන්න.


 Ø ගනින් මෙන්න මෙහෙට ඕක...  

3 comments:

  1. දීර්ඝ නිහැඬියාවකට පස්සෙ ආයෙත් බ්ලොග් මතක්වෙලා. ලස්සන පෝස්ට් එක

    ReplyDelete
  2. ඉතිරිය එන තුරු මගබලමි

    ReplyDelete
  3. මමත් බ්ලොග් එකක් හැදුවා පොඩි සහයෝගයක් ඕනෑ
    http//newsinhalife.blogspot.com

    ReplyDelete

Tricks and Tips