Sunday, February 23, 2014

උයන්පල්ලා (පිය සෙනෙහස)

සුවඳ මල් වල පාට තැවරිලා 
වණ බබරුන් රොණට ඇදෙනවා
උයන්පල්ලෝ නුබ නික-ඉදපන් 
අයිතිය නැ නුබට ඒ සුවදැති පාට මල් වල........ 

අහසේ පොලවේ ගෝරනාඩු දැනෙන්න නැ දුන්නේ 
නුවර වැවේ, කලා වැවේ දිය දෝතක් නුබ ලග තනි රැක්කේ 
එහෙව් නුබට අයිතිය නැ ඒ සුවදැති පාට මල් වල........ 

සුළං කොඩ චණ්ඩමාරුතේ ඇවිත් පෙති විසිකර යන්න ගිය වෙලේ 
හිතේ තියන දරු සෙනේහස මහ පවුරක් වෙලා තමයි නුබ රැක ගත්තේ 
එහෙව් නුබට අයිතිය නැ ඒ සුවදැති පාට මල් වල........


         









9 comments:

  1. ඇත්තටම දුවෙක්ගෙ තාත්තා කෙනෙක් කියන්නෙ උයන්පල්ලෙක් විතරයි විකුම්. :-(

    පද ටික ලස්සනයි. ගොඩක් දැනුනා.

    ReplyDelete
    Replies
    1. උයන්පල්ලාගේ දුක දන්නේ තවත් උයන්පල්ලෙක් විතරයි

      බොහොම ස්තුතියි ඔබේ ඇගයුමට...................

      Delete
    2. උයන්පල්ලෙක් වෙන්න ලැබෙන එක වාසනාවක් කියලා මම අහල තියනවා
      එහෙම බලනකොට සහෝදරයා ගොඩක් වාසනාවන්තයි......

      Delete
  2. වන බබරුන් රොනට ඇදෙනවා.

    මේ වගේ දේවල් බාවිතාව අවම කරන්න.මොකද හරිම පොදු වාක්කයක් ඒක.. ඉදිරියටම යන්න. තව ලියන්න

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝදරයා වැරදි අඩුපාඩු පෙන්වලා දෙනවට
      එය මට විශාල හයියක් ඉදිරි ගමනට

      Delete
  3. සුපිරි පිරි ඉතිරි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මාතලන් අයියේ ඔබේ දිරිගැන්වීමට

      Delete
  4. ඇත්තටම අපූරුයි..

    ReplyDelete

Tricks and Tips