Showing posts with label ළමාවිය. Show all posts
Showing posts with label ළමාවිය. Show all posts

Tuesday, February 11, 2014

වෙනුෂා කියා දුන් පාඩම

"වෙනූෂා ඉමන්දි" මේ නම වගේම මේ නම ඔයාලා හොදට දන්න කියන නමක් වෙන්න හේතුවත් ඔයාලා දන්නවා. ඒ දැන් අපේ රටේ තියෙන තාක්‍ෂණයේ දියුණුව වගේම ජනමාධ්‍ය වල තියන කර්යක්‍ෂමතාවය නිසයි එහෙත් සමහර ජනමාධ්‍ය විසින් මෙම පුවත තමන්ගේ ජනප්‍රිය වීමේ අරමුණින් අඩු වැඩි වශයෙන් වෙනස්කරා.

බ්ලොග් කියවන රටේ ලෝකේ වෙන දේවල් ගැන හොදට ඇහැ කණ ඇරගෙන ඉන්න ඔයාලට ඒ කතාවේ තියෙන අඩු වැඩි මොනවද කියන එක මම අමුතුවෙන් කියලා දෙන්න යන්නේ නැ.

මට පිටු 3කින් සමන්විත වෙනුෂා අන්තිමට ලියපු ලියුම කියවන්න හම්බවුණා. ඒ ලියුම වගේම අර ජනමාධ්‍ය කියපු ඒවත් එක්ක බලනකොට මට හිතුනේ........ 


වර්තමාන පාසැල් සිසු සිසුවියන්ට තියන මුලික ප්‍රශ්නයක් තමයි තමන්ගේ සතුට බෙදාගන්න සතුටේදී අප්පුඩි ගහල පිළිගන්න කට්ටිය හිටියට තමන්ගේ හිතට දුකක් කරදරයක් වුනහම ඒ දේ කියන්න අහන්න   තමන් ලග කව්රුත් නැතිවීම. වැඩිහිටියන්ටද මේ ගැටලුව ඇත නමුත් ළමා මනසට මෙවැනි අවස්ථා වලදී හුදකලාවීම දරාගැනීමට වැඩිහිටියන්ට මෙන් ශක්තියක් නොමැත. රටේ පාරවල්, වරායවල්, ගුවන්තොටුපලවල් හදනවා වගේම ඒවා අනාගතේ හා වර්තමානයේ පරිභෝෂණය කරන රටේ අනාගත පරපුරේ මානසිකත්වය ගැනත් මිට වැඩියේ අවදානය යොදවන්න ඕනි. පාසැල් තුල මනෝවිද්‍යාත්මක උපදේශන වැඩසටහනක් පටන් ගන්නට හොදම කාලය දැන් තමයි. එවැනි උපදේශන සේවාවක් තිබුනනම් වෙනූෂාගේ ඉරණම  මෙහෙම නොවෙන්න තිබුණා කියන එකයි මගේ හැගීම.


වෙනූෂාගේ සිදුවීම දුකකින් හෝ පාඩමකට අරගෙන අයෙමත් මෙවන් සිදුවීම් සිදුනොවෙන්න කටයුතු කලයුතුය.   

                                              වෙනූෂාගේ අවසන් ලිපිය 




Thursday, January 9, 2014

කොලපතේ ඇදගෙන යෑම

දවසක් මම රාජගිරිය පහුකරගෙන බොරැල්ල පැත්තට යනකොට, අවුරුදු දහයක (10) විතර කොලුපැටියෙක් එයාගේ අම්මගෙන් අහනවා 
"අම්මේ අම්මේ මේ මොකද්ද කියලා"  
මටත් ඉතින් නිකන් ඉන්න බැරිකමට පොඩ්ඩක් ඔලුව උස්සලා බැලුවා, මේ කොලුපැටියා මාර කුතුහලයකින් ප්‍රශ්න කරන දේ දිහා.

ඒ දේ දැකපුවාහම මටත් නොදනිම මගේ හිත මාව අවුරුදු කිහිපයක් ආපස්සට අරන් ගියා.

ඉස්සර පුවක් ගහකින් පුවක් අත්තක් වැටුනහම එක සුද්දකරලා. අහලපහල ගෙවල්වල කොල්ලෝ කුරුට්ටෝ එක්ක තරගෙට කොලපත් අදිනවා අපි උදේ ඉදන් රැ වෙනකම්. 

"මාත් ආසයි අම්මේ කොලපතේ ඇදගෙන යන්න" 
කියලා අර කොලුපැටිය කියනවා ඇහෙනකොටයි මම අයිත් වර්තමානයට අවේ 
එතකොටම කොලුපැටියගේ අම්මා කියනවා 
"කොහේ තියන කොලපත්ද මෙන්න මෙහෙ එනවා පන්තියට යන්න පරක්කුවෙනවා කියලා"

දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති මොකද්ද මේ කොලපත් කතාව, මොනවද මං මේ ලියල තියෙන්නේ කියලා. ඇත්තටම ඒ ළමයා බලාගෙන හිටියේ පාර මැද (වටරවුමක්) හදලා තියන මුර්තියක්‌ දිහා. එකේ තිබුනේ ළමයෙක් තවත් ළමයෙක් කොලපතක දාගෙන ඇදගෙන යන එකක්. 


කොලපතේ ඇදගෙන යෑම

අන්තිමට මට හිතෙන්නේ, 
අද කලේ ළමයින්ට සෙල්ලම් කරන්න තියා දකින්නවත් කොලපතක් නැ, ඒ වගේම කොලපත් තිබුනත් සෙල්ලම් කරන්න ළමයට වෙලාවක් නැ.
එහෙම එකේ මෙහෙම සෙල්ලමක් තියනවා කියලා හරි දැනගන්න මුර්තියක්‌ හදලා තියන එක හොදයි. අනිත් ඒවටත් දැන් දැන්ම මුර්ති හදන්න පටන් ගත්තොත් හොදයි වගේ.



Tricks and Tips