Tuesday, February 11, 2014

වෙනුෂා කියා දුන් පාඩම

"වෙනූෂා ඉමන්දි" මේ නම වගේම මේ නම ඔයාලා හොදට දන්න කියන නමක් වෙන්න හේතුවත් ඔයාලා දන්නවා. ඒ දැන් අපේ රටේ තියෙන තාක්‍ෂණයේ දියුණුව වගේම ජනමාධ්‍ය වල තියන කර්යක්‍ෂමතාවය නිසයි එහෙත් සමහර ජනමාධ්‍ය විසින් මෙම පුවත තමන්ගේ ජනප්‍රිය වීමේ අරමුණින් අඩු වැඩි වශයෙන් වෙනස්කරා.

බ්ලොග් කියවන රටේ ලෝකේ වෙන දේවල් ගැන හොදට ඇහැ කණ ඇරගෙන ඉන්න ඔයාලට ඒ කතාවේ තියෙන අඩු වැඩි මොනවද කියන එක මම අමුතුවෙන් කියලා දෙන්න යන්නේ නැ.

මට පිටු 3කින් සමන්විත වෙනුෂා අන්තිමට ලියපු ලියුම කියවන්න හම්බවුණා. ඒ ලියුම වගේම අර ජනමාධ්‍ය කියපු ඒවත් එක්ක බලනකොට මට හිතුනේ........ 


වර්තමාන පාසැල් සිසු සිසුවියන්ට තියන මුලික ප්‍රශ්නයක් තමයි තමන්ගේ සතුට බෙදාගන්න සතුටේදී අප්පුඩි ගහල පිළිගන්න කට්ටිය හිටියට තමන්ගේ හිතට දුකක් කරදරයක් වුනහම ඒ දේ කියන්න අහන්න   තමන් ලග කව්රුත් නැතිවීම. වැඩිහිටියන්ටද මේ ගැටලුව ඇත නමුත් ළමා මනසට මෙවැනි අවස්ථා වලදී හුදකලාවීම දරාගැනීමට වැඩිහිටියන්ට මෙන් ශක්තියක් නොමැත. රටේ පාරවල්, වරායවල්, ගුවන්තොටුපලවල් හදනවා වගේම ඒවා අනාගතේ හා වර්තමානයේ පරිභෝෂණය කරන රටේ අනාගත පරපුරේ මානසිකත්වය ගැනත් මිට වැඩියේ අවදානය යොදවන්න ඕනි. පාසැල් තුල මනෝවිද්‍යාත්මක උපදේශන වැඩසටහනක් පටන් ගන්නට හොදම කාලය දැන් තමයි. එවැනි උපදේශන සේවාවක් තිබුනනම් වෙනූෂාගේ ඉරණම  මෙහෙම නොවෙන්න තිබුණා කියන එකයි මගේ හැගීම.


වෙනූෂාගේ සිදුවීම දුකකින් හෝ පාඩමකට අරගෙන අයෙමත් මෙවන් සිදුවීම් සිදුනොවෙන්න කටයුතු කලයුතුය.   

                                              වෙනූෂාගේ අවසන් ලිපිය 




14 comments:

  1. ඔව්, තරුණ වයසේ ළමයින් සඳහා එවැනි උපදේශන සේවාවක් අත්‍යාවශ්‍යයි. ෆේස්බුක් වලට, විදුහල්පතිවරයාට, දැරියගේ ක්‍රියාවට ඇඟිලි දිගුකිරීම නොවේ සිදුවිය යුත්තේ...

    ReplyDelete
    Replies
    1. අපේ රටේ ඇගිල්ල දික්වෙන්නේ අවශ්‍ය තැනට නෙමෙයි. තමන්ගේ සාක්කුවට ලොකු කුට්ටියක් ලැබෙන දේවල්වලට විතරයි බලන්නේ

      Delete
  2. අදාල විදුහල්පති ගැන නම් කතා කිරීමට වත් අකමැතිය.

    නමුත් ඔය සම්බන්ධයෙන්නම් මාත් ඉන්නෙ ඔය මතයෙ නිසි කථිකාවතකට කාලයයි මේ.

    ReplyDelete
    Replies
    1. මේ යන විදියට මේ සම්බන්දව කථිකාවක් ඇතිවීමට තවත් මේ වගේ සිදුවීම් රාශියක් සිදුවන්න ඕනි. මොකද ලංකාවේ හැටියක් තමයි ලියපොත්තෙන් කඩන්න තියන දේ පොරවෙන් ගහල කඩන තත්වෙට අවට පස්සේ තමයි කට්ටියගේ ඇස් ඇරෙන්නේ

      Delete
  3. මට අපේ දරුවන් ගැන මහා භයානක අනාගත දර්ශනයක් මැවෙනවා...

    ගුරුවරුන් අතින් හිංසනයට, වධබන්ධනයට වගේම ඇගයීමටත් මම ලක් වෙලා තියෙන හින්දා මට මේකේ බරපතලකම හොඳටම වැටහෙනවා... තමන්ගේ තරුණ කාලේ අමතක කරපු දුෂ්ට ( සමාවෙන්න... මට ඒ වචනෙට වඩා සැර අඩු වචනයක් හොයා ගන්න අමාරුයි ගලපන්න නම්...) ගුරුවරු මට මුණගැහිලා තියෙනවා... ගුරුවරුන්ට ඔක්කොටම කලින් මනෝවිද්‍යාව කියල දෙන්න ඕනේ.. අඩුම තරමේ අනිවාර්ය ට්‍රේනින් එකක් දෙන්න ඕනේ...

    අනිත් පැත්තෙන් බැලුවම.. ළමයි උනහම පොඩ්ඩක් දරාගැනීමේ ශක්තියකුත් තියෙන්න ඕනේ.. සමහර වෙලාවට ඉස්සර වගේ නෙවෙයි නේ දැන් ළමයි හැදෙන්නේ.. ( මම කියන්නේ ගුටි නැති, අම්මලා තාත්තල විසින් මල් පෙති වගේ හැදෙන ළමයි ගැන.. එහෙම නැතුව සෙල්ලම් බඩු , ඇදුම් එහෙම බෙදා හදාගෙන පරිහරණය කරන්න වෙන ළමයි නොවෙන්න පුළුවන්) එහෙම පරිසරයකින් එන ළමයින්ට දරා ගැනීමේ ශක්තිය නැති වෙන්න ඉඩකඩ බොහොම වැඩි. ( මට හිතෙන හැටි) .
    දරුවෙක් වැරැද්දක් කළහම මව්පියන් හැසිරෙන්න ඕනේ විදිය මේ හැම දේටම වඩා වැදගත්.. ළමයාගේ මානසික තත්වය තේරුම් අරගෙන එකට සුදුසු පියවරක් ගන්න එක එයාලගේ යුතුකම.. ඒ වගේම වගකීම. මුළු ලෝකෙම ඇගිල්ල දික් කලත් දෙමව්පියන්ට පුළුවන් ඒ ළමයට ශක්තියක් වෙන්න, නිවැරදි වෙන්න.. ඒ වගේම නිවරද්දේ චෝදනා කරනවා නම් ශක්තිමත් වෙන්න...

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා මම ඔබේ අදහස සමග 100%ක් එකග වෙමි. මේක සාමුහික වශයෙන් එකතුවෙලා නිවැරදි කලයුතු දෙයක්. අද හෙටම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැතිනම් අනාගත පරපුර තව තවත් අදුරට යයි කියලයි මගේ හැගීම

      Delete
  4. පාසල් තුළ මනෝ විද්‍යා උපදේශනය මොකක් වෙතත් ලමයින්ගේ ප්‍රශ්න අහන්න වෙනම ගුරුවරයෙක් පත් කරලා තියෙනවා සමහර පාසල් වල.ඒත් සමහර ගුරුවරුන්ට ප්‍රශ්න කියනවට වඩා හොඳයි ඒකත් මූනු පොතේ දාන එක.මූලිකවම ලංකාවේ ගුරුවරුන්ගේ පුදුමාකාර ප‍ටු චින්තනයක් තියෙනවා.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත ඇනෝ
      අද ඉන්න ගොඩක් ගුරුවරු සිසුන්ගේ පැත්තෙන් හිතන්නේ නැ දෙයක් කරන්න කලින්. (හොද ගුරුවරුත් නැතුව නෙමෙයි)

      Delete
  5. මේ වගේ දෙයක් සිද්ද වුනාම ඕන කෙනෙක්ගේ සිතුවිලි වෙනස් වෙනවා.. මේකත් ඒ වගේ අවාසනාවන්ත සිද්දියක්..

    ReplyDelete
    Replies
    1. වෙනස් වෙන සිතුවිලි නිසියාකාරව හසුරුවන අයුරු ගැන සිසු සිසුවියන්ට පොඩිකාලේ ඉදන්ම පුරුදු කරනම් මෙහෙම නොවෙන්න තිබුණා මචෝ

      Delete
  6. මේ හැම සිදුවීමක්ම තවත් එක් සිදුවීමක් ලෙස හුළඟේ ගසා ගෙන යැයි. ප්‍රින්සිපල්ලාට හමුදා පුහුණුව දෙන මෝල්ලු ඉන්න රටකට ඇයි බැරි විදුහල්පතිලාට ළමා මනස හා චර්යාවන් ගැන කියාදෙන වැඩසටහන් කරන්න. දරුවන්ටත් වැඩිහිටියන්ටත් ක්‍රමවත් කවුන්ස්ලින් සිස්ටම් එකක් වහාම සකස් විය යුතුයි. එහෙම තිබුනා නම් මෙවැනි සිදුවීමකට සියදිවි නසා ගැනීම වලක්වා ගන්න හැකි වෙනවා. අද පාලකයින්ට මේවා නිකම්ම නිකම් සිදුවීම් පමණයි. ජිනීවා විදුලිපුටු මාකට් කරකර ඉන්න එක සැපයි.

    ReplyDelete
    Replies
    1. පාලකයෝ ඒ වගේ හොද දේවල් කරන්නේ නැ මචෝ. මොකද ඒවා කලා කියලා එයාලට කතිරෙවත්, ලොකු ලොකු කුට්ටිවත් සාක්කුවට වැටෙන්නේ නැනේ

      Delete
  7. මේ ගැන වාර්තාවී තිබුන අන්දමට මේ දැරිය පාසලෙන් මනෝවිද්‍යා උපදේශන සැසි වලට සහභාගි වුන දැරියක්. පිනාම මාධ්‍යට ප්‍රකාශ කර තිබුනා ඇය විශාදයෙන් පෙලෙන්නියක බව. ඒකයි දුක.

    ReplyDelete
  8. මේ ටිකට මේ ළමයගේ නමින් ෆේස් බුක් ගිණුමකුත් හදලා හරිම නරක විදියට කෙනෙක් හැසිරෙනවා.. ඒ වගේම මේ ගැන මාතලන් බ්ලොග් එකේ පෝස්ට් එක ශෙයා කල එකට අවුරුදු ගානක් හිටපු යාළුවො තරහා වෙලා.. ගෑණු ළමය්ගේලු වරද ,, වර්ඩේ තරම පේනවනේ ,,වරද කාගේද කියලත් පේනවනේ ,, තව සතියෙන් අමටහක් වෙලා යයි ,, ස්තුති විකුම්

    ReplyDelete

Tricks and Tips