ජීවිතය ජීවත්වෙනවා. නැ අපි අපේ ජිවිත ජිවත් කරවනවා. ඔයා, මම, මේ මුළු ලෝකෙම තමන්ගේ ජිවිතේ ජිවත් කරවන්න මහන්සි වෙනවා. අපි අපේ අම්මගේ කුසින් එළියට ආපු මුල් දවස්වල, ඒ කියන්නේ අපිට හය හතර නොතේරෙන කලේ අපිව ජිවත් කරවන්න මහන්සි වුනේ අපේ අම්මයි තාත්තයි. ඊටපස්සේ ටික ටික අපි ලොකු වෙලා හය හතර තේරෙන කාලෙට ආපුවම අපිත් මහන්සි වුණා අපේ ජිවිත ජිවත් කරවන්න. එහෙම වුණා කියලා අපේ අම්මා තාත්තා අපිව ජිවත් කරවන එක අතහැරියේනැ. එයාල එයාලගේ ජිවිතේ ජිවත් කරන එක අමතක කරලා අපේ ජිවිත ලස්සනට ජිවත් කරවන්න මහන්සිවුණා. එහෙම මහන්සිවුණු අපේ අම්මටයි තාත්තටයි ඒ මහන්සියට ණය ගෙවන්න මේ මුළු ජීවිතය පුරාවටම බැරි වේවි. ඒකයි මතු උපදින හැම ආත්මයකම මගේ අම්මා තාත්තා මගේම වෙලා ඉපදෙන්න කියලා ප්රාර්ථනා කරන්නේ.
Run for your life |
ඔහොම එක රාමුවක් ඇතුලේ හැමදාම මැරෙනකම්ම දුවන දිවිල්ල දුවන ගමන් ජිවිතේ කියන්නේ මොකක්ද ජීවිතේට අලුත් තේරුමක් දෙන්න, හැඩය වෙනස් කරන්න, කොටින්ම කිව්වොත් ජීවිතය කියවන්න ජිවිතයේ තියෙන දේවල්, නැති දේවල්, එකී, මේකි, නොකී හැමදේ ගැනම කතාකරන්න හිතෙන දේ කියන්න පටන් ගත්තු බ්ලෝග් එකක් මේක.
ඉතින් මාත් තාම මේ බ්ලෝග් ලෝකේ හය හතර නොතේරෙන පොඩි එකෙක්. ඔයාලගේ විශේෂයෙන් ඔයාගේ සහයෝගය නැතුව මේ ගමන යන්න බැ. ඔයාලගේ උදවුපකාර ඕනි.
දැන් ඉදන් අපි අපේ ජිවිතේ හොයාගෙන හිතුවක්කාර ගමනක් යමු.......!!!!!!!
No comments:
Post a Comment