Ø මං කැමති කලු පාට අහසකට... මොකද දන්නවද? වැස්සොත්
තමයි හේනක් කොටන්න පුළුවන් වෙන්නේ.
Ø බලාගෙන, හේන් කොටලා... කරල පැහුනහම ඒව රකින්නත්
වෙනවා හරිද..
Ø ඌබ බය නැතුව ඉදපන්... මට පුළුවන් රකින්න.
Ø හිතන තරම් ඒක ලේසි නැ හරිද? රැට නිදිමරාගෙන, මදුරුවෝ
තලාගෙන එහෙම තමයි කරන්න වෙන්නේ.
Ø අනේ මේ, ඔය ඕනි තරම් ගැනු තනියම හේන් කොටලා... ඒව
යස අගේට රකින්නේ.. අනික මේ, ගෙන්දගම් පොලවේ උපන්දා ඉදන් හැප්පෙන අපේ මේ ලේ වලට ඕව
අමුතු වැඩ නෙමෙයිනේ...
Ø ඒක ඇත්ත..... ඒත් ඉතින්, මේ ඉඩොරේ කොහෙන්ද
වැස්සක්
Ø වෙනද අපි මෙහෙම ඉන්නකොට, පියබගෙන යනවා වැහිලිහිනියෝ
රංචුව වගේ රංචුවක් හදන්න හීන මැව්වා මතකද?
Ø වැහිලිහිනියෝ එනකම් අපි වැවේ වලක් හරමුද?
Ø එකනම් හොදයි තමයි... ඉතින් කොහෙද ඔය දුවන්නේ...
Ø උදැල්ලක් අරන් එන්න යන්නේ.
Ø මැම්බර් මහත්යන්ගේ උදලු අපිට ඕනි නැ... මේ තියන පරණ
ඒක හොදයි දෙයියෝ
Ø ම්ම්ම්ම් එකත් හොදයි තමයි.... නැත්නම් ඒ වතුර
ටිකටත් අරගෙන යයි, අර උන්දලාගේ සුවීමින් පුල් පුරවන්න.
Ø ගනින් මෙන්න මෙහෙට ඕක...